Skip to main content
------------------------------------
1.7 :- විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථික පද්ධති වර්ග කරයි.
ආර්ථික පද්ධතියක් ක‍්‍රියාත්මක වන්නේ නීතිරීති, සම්ප‍්‍රදාය, සිරිත් විරිත් යනාදියෙන් සමන්විත ආයතනික ව්‍යූහයක් අනුව ය.
· මෙම ආයතනික ව්‍යුහයන්ගේ ස්වරූපයන් මත ආර්ථික පද්ධති අතර වෙනස්කම් දක්නට ලැබේ.
· එ අනුව ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක කිහිපයකි.
· තීරණ සම්බන්ධීකරණ යාන්ත‍්‍රණය
· සම්පත් හිමිකාරිත්වයේ ස්වරූපය
· සානුබලවල ස්වභාවය
· තීරණ සම්බන්ධීකරණ යන්ත‍්‍රණයේ ස්වරූපය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකි ය.
· වෙළෙඳපොළ ආර්ථික පද්ධති
· විධානගත ( සැලසුම්ගත) ආර්ථික පද්ධති
නිෂ්පාදන සම්පත්වල හිමිකාරිත්වය හා දේපොළ අයිතිවාසිකම්වල ස්වභාවය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකි ය.
· ධනේශ්වර ආර්ථික පද්ධති
· සමාජවාදි ආර්ථික පද්ධති
· දේපොළ හිමිකාරීත්වය හා අයිතිවාසිකම් අතින් ධනේශ්වර ආර්ථික ක‍්‍රම හා සමාජවාදී ආර්ථික ක‍්‍රම අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය.
· ධනේශ්වර ආර්ථික පද්ධතියක දේපොළ හිමිකම පෞද්ගලික අංශය සතු වන අතර සමාජවාදී ආර්ථික පද්ධතියක සම්පත් හිමි කරගනු ලබන්නේ රජය විසිනි.
· විවිධ ආර්ථික පද්ධතිවල දක්නට ලැබෙන සානුබල ප‍්‍රධාන ස්වරූප තුනක් පෙන්නුම් කරයි.
එනම්,
· ද්‍රව්‍යාත්මක ප‍්‍රතිලාභ සහිත සානුබල
· සදාචාරාත්මක සානුබල ( ජනතාව වෙනුවෙන් මෙහෙවර)
· බලය පදනම් කරගත් සානුබල
· වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප‍්‍රධානවේ. ලාභ ඉපැයීම සානුබලයකි.
· විධාන මගින් මෙයෙවන ආර්ථික පද්ධතිවල සානුබල ක‍්‍රියාත්මක වන්නේ අධිකාරි බලය තුළිනි.
· ආචාරධර්ම භාවමය පදනම් ඔස්සේ ද සානුබල ක‍්‍රියාත්මක වේ. ශුද්ධ, ස්වාභාවික විපත්, ආණ්ඩු බිඳ වැටීම් වැනි සිදුවීම් නිසා ආර්ථිකයේ කම්පන හටගත් අවස්ථාවල දී සදාචාර පදනම ඔස්සේ, පුද්ගලයෝ එම අවස්ථාවේ කළ යුතු නිවැරදි දේ තීරණය කර, ඒ අනුව කටයුතු කරති. එයින් පුද්ගලයෝ අභිපේ‍්‍රරණය වෙති.
· ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ලම සැලකිල්ලට ගෙන පහත පරිදි ආර්ථික පද්ධති වර්ග කළ හැකි ය.
· වෙළෙඳපොළ ආර්ථික පද්ධති
· විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති හෙවත් සැලසුම්ගත ආර්ථික පද්ධති
· මිශ‍්‍ර ආර්ථික පද්ධති
· වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය යනු වෙළෙඳපොළෙහි ඉල්ලූම් හා සැපයුම් බලවේග අනුව
තීරණය වන මිල මත මූලික ආර්ථික ප‍්‍රශ්න විසඳන ආර්ථික ක‍්‍රමයකි.
· වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය, ධනවාදී ආර්ථික ක‍්‍රමය, නිදහස් ව්‍යවසාය අර්ථ ක‍්‍රමය ආදි
විකල්ප නම් වලින් ද හªන්වයි.
· වෙළෙඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
· දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකමක් තිබීම
· නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස
· තරගකාරී වෙළෙඳපොළ තත්ත්ව
· ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම
· මිල යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය
· පාරිභෝගික ස්වාධිපත්වය
· ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම
වෙළෙඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප‍්‍රශ්න විසදීමේ සම්බන්ධීකරණ යාන්ත‍්‍රණය ලෙස මිල යාන්ත‍්‍රණය කටයුතු කරයි.
· වෙළෙඳූපොළ ක‍්‍රමයක මිල ඉතා වැදගත් කාර්ය තුනක් ඉටුකරයි. එනම්,
· තොරතුරු හා සංඥා සැපයීමේ කාර්යය
· සානුබල සැපයීමේ කාර්යය
· සලාකනය කිරිමේ කාර්යය
· වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමයක ආර්ථික ඒකකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේගය ස්වාර්ථය යි. පරාර්ථය, සමාජ ශුභසාධනය වැනි කරුණු වෙළෙඳපොළ ආර්ථිකයක සැලකිල්ලට නොගැනේ.
· වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමයක පදනම පෞද්ගලික දේපොළ හිමිකම යි. පෞද්ගලික දේපොළ හිමිකම හා බැඳී ඇති නිදහස් ව්‍යවසාය වෙළෙඳපොළ ආර්ථිකයක ප‍්‍රධාන ලක්ෂණයකි.
· මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මගින්මූලික ආර්ථික ප‍්‍රශ්න විසඳාගනු ලබන අර්ථ ක‍්‍රමයක් විධාන අර්ථ ක‍්‍රමයක් ලෙස හැඳින්වෙයි.
· මධ්‍යගත සැලැස්මක් යටතේ මෙහෙයවන ආර්ථික පද්ධතියක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
· ශ‍්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජය සතු වීම
· මූලික ආර්ථික ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක‍්‍රියාවලිය යොදා ගැනීම
· සමාජ ශුභසාධනය මත කටයුතු කිරීම
· පොදු යහපත ය සඳහා කටයුතු කිරීම .
· කුමක් කොපමණ, කෙසේ, කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප‍්‍රශ්න සඳහා විසදුම් මධ්‍ය සැලසුම් අධිකාරිය ගනු ලබයි.
· විධාන අර්ථ ක‍්‍රමයක දුර්වලතා පහත පරිදි දැක්විය හැකි ය.
· සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලූ
· තත්ත්ව පාලනයේ බිද වැටීම්
· සානුබල ප‍්‍රමාණවත් නොවීම
· පරිසර හායනය
· මිශ‍්‍ර ආර්ථික පද්ධති යනු වෙළෙඳපොළ යාන්ත‍්‍රණය මගින් සම්පත් බෙදා වෙන් කිරීම හා සැලසුම් ක‍්‍රියාවලිය මගින් සම්පත් බෙදා වෙන් කිරීම බොහෝ දුරට එකිනෙකට සමාන ප‍්‍රමාණයෙන් පවත්වාගෙන යනු ලබන ආර්ථික ක‍්‍රමය යි.
· මිශ‍්‍ර ආර්ථිකයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
· ආර්ථිකයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරි අංශ වන්නේ පාරිභෝගික නිෂ්පාදකයො, නිෂ්පාදන සම්පත් හිමිකරුවේහා ආණ්ඩුව යි.
· පෞද්ගලික අංශය අභිපේ‍්‍රරණය කෙරෙන සාධකය ස්වාර්ථය වන අතර පොදු අංශය
අභිපේ‍්‍රරණය සාධකය පොදු යහපත ය.
· පෞද්ගලික අංශය හා පොදු අංශය යන දෙක ම නිෂ්පාදන සම්පත් හිමිකරගෙන සිටී.
· සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ සැලසුම් යාන්ත‍්‍රණය මගින් සිදු කරයි.
· පෞද්ගලික මගින් තරගය ක‍්‍රියාත්මක වේ.
· ආණ්ඩුව ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
· ධනවාදී ආර්ථිකවල සැලසුම් යාන්ත‍්‍රණයත් සමාජවාදී ආර්ථිකයන්හි මිල යාන්ත‍්‍රණයත් සහිත වූ විකල්ප මිශ‍්‍රණයක් දක්නට ලැබීම ආර්ථික පද්ධතීන්හි නව ප‍්‍රවණතා සේ සැළකිය හැකි ය.
· ආර්ථික පද්ධති සම්බන්ධ නව ප‍්‍රවණතා කිහිපයක් පහත දැක්වේ.
1 සමාජීය වෙළෙඳපොළ ආර්ථික
2 සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික
3 සංඥක සැළසුම්කරණ ආර්ථික
· වෙළෙඳපොළ ආර්ථික පද්ධතියක් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජය මැදිහත්වන ආර්ථික සමාජීය වෙළෙඳපොළ ආර්ථික නමින් හැඳින්වේ. එනම් සමාජ සාධාරණත්වය දැඩිව අවධාරණය කෙරෙන ආර්ථික පද්ධති සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයයි.
· සමාජීය වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය බිහිව ඇත්තේ ලිබරල් වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයට එරෙහිව ය. ලිබරල් වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමයක් තුළින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින්තොරව නිදහස් වෙළෙඳපොළ බලවේග මගින් ආර්ථිකය ක‍්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි.
· වෙළෙඳපොළ ආර්ථික පද්ධතියට රජය මැදිහත් වීම පුද්ගල නිදහස සීමා කිරීමටත්වෙළෙඳපොළ යාන්ත‍්‍රණය කාර්යක්‍ෂමතාව ගිලිහී යාමටත් හේතු වන බව ලිබරල්වාදීන්ගේඅදහසයි.
· ලිබරල්වාදීන්ගේ අදහස ප‍්‍රතික්ෂේප කරන සමාජයීය වෙළෙඳපොළ ආර්ථික පද්ධතියට පක්ෂ වූවන්ගේ අදහස වන්නේ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා වෙළෙඳපොළ ආර්ථික පද්ධතියට රජය මැදිහත්විය යුතු බවයි.
· සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයන්හි නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශය සතු වුව ද සම්පත්භාවිතය පිළිබඳ විශාල බලපෑමක් රජයෙන් කෙරේ. ආර්ථික, දේශපාලන, සිවිල්, සමාජ, සංස්කෘතික යන මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී පුළුල් සමාජ ජාල ක‍්‍රියාත්මක කරයි. සමාජයීය වෙළෙඳපොළ ආර්ථිකයක පුරවැසියන්ගේ මූලික අයිතීන් අනතුරට ලක් වන හෝ උල්ලංඝනය වන තත්වයන්හි දී ඔවුන්ට ආරක්ෂාවක් රජය විසින් සපයනු ලැබේ.
· සේවයේ යෙදී සිටිය දී හට ගන්නා හදිසි අනතුරු, අසනීප තත්වයන්, වියපත් වීම, දිළිඳු බව, විරැකියාව, දරුවන් හදා වඩා ගැනීම වැනි ආපදා තත්වයන්හි දී සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයක රජය එහි පුරවැසියන් වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සපය යි.
· රජයේ මෙවැනි සමාජ ආරක්ෂණ ජාල සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් බොහොමයක් සපයා ගන්නේ පුරවැසියන්ගෙන් බදු අය කිරීමෙනි. සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයක රජයේශුභසාධනය තමන් වෙත ලැබෙන බැවින් පුරවැසියන් ද රජයට කැමැත්තෙන් බදු ගෙවීම සිදු කරයි.
· සමාජීය වෙළෙඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස නෝර්වේ, ස්වීඩනය, පින්ලන්තය ආදිය දැක්විය හැකි ය.
· සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ලෙසින් හැඳින්වෙන්නේ මූලික වශයෙන් සමාජවාදී දර්ශනයන් මත මෙහෙය වෙන කිසියම් දුරකට වෙළෙඳපොළ බලවේගවලට ක‍්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථික පද්ධතීන් ය.
· සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික සමාජයීය වෙළෙඳපොළ ආර්ථිකවලට වඩා හාත්පසින් ම වෙනස් ය. සමාජවාදී වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමයක් තුළ නිෂ්පාදන සම්පත් රජය සතු ය. එහෙත් සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශය සතු ය. එනම් වෙළෙඳපොළ බලවේගවලට අනුව නිෂ්පාදන ආයතනවලට නිෂ්පාදන ප‍්‍රමාණය හා භාණ්ඩවල මිල තීරණය කිරීමේ අයිතිය පවතී.
· සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයන් සඳහා නිදසුන් ලෙස චීනය, හංගේරියාව හා බල්ගේරියාව දැක්විය හැකි ය.
· සංඥක සැළසුම්කරණ ආර්ථික පද්ධති ද වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන ආර්ථික  පද්ධතිවල නව ප‍්‍රවණතාවයකි.
· වෙළෙඳපොළවල පවතින අපූර්ණ තොරතුරු පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණය කරමින් ආර්ථික ක‍්‍රියාකාරීත්‍වය කාර්යක්‍ෂම කිරීම සඳහා රජය මැදිහත්වීම සංඥක සැළසුම්කරණය යි. එහි දී වෙළෙඳපොළ මගින් ලබා දෙන සංඥා අපූර්ණ බැවින් පෞද්ගලික ව්‍යවසායකයන්ගේ විමධ්‍යගත සැළසුම්කරණයට රජය මැදිහත් වී දිශානතිය ලබා දෙයි. එනම් ආර්ථිකයේ පෞද්ගලික ව්‍යවසායකයින් ස්වකීය සැළසුම් පිළියෙළ කරනු ලබන්නේ සමස්ත ආර්ථිකය උදෙසා රජය ලබා දෙන ඉලක්ක, අරමුණු හා ප‍්‍රතිපත්ති මාලාවක් මත ය.
· සංඥක සැළසුම් ක‍්‍රියාත්මක වන රටවල් සඳහා නිදසුන් ලෙස ප‍්‍රංශය, ජර්මනිය වැනි රටවල්දැක්විය හැකි ය.
· ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගයීමේදී නිර්ණායක යොදා ගනී. එනම්,
· පූර්ණ සේවා නියුක්තිය
· ආර්ථික කාර්යක්‍ෂමතාව
· ආර්ථික වෘද්ධිය
· මිල ස්ථායිතාව
· සාධාරණ ආදායම් ව්‍යාප්තිය
· බාහිර ස්ථායිතාව
· පාරිසරික ගුණාත්මකභාවය
· ආර්ථික නිදහස
------------------------------------

Comments

Popular posts from this blog

1.3 - නිෂ්පාදන සාධකවල ලක්ෂණ හඳුනා ගනිමින් නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාව තීරණය කරන සාධක විග‍්‍රහ කරයි. නිෂ්පාදන බිහි කර ගැනීම සඳහා යොදා ගනු ලබන භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. · භූමිය හා ප‍්‍රාග්ධනය දේපළ සම්පත් වශයෙන් ද ශ‍්‍රමය හා ව්‍යවසායකත්වය මානව සම්පත්වශයෙන් ද වර්ග කළ හැකි ය. · ස්වභාවධර්මය දායාද කොට ඇති ඵලදායිතාවෙන් යුක්ත ව නිෂ්පාදනයට යොදවා ගත හැකිස්වාභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. වනාන්තර, ඛනිජ සම්පත්, සාගරය ඇළදොළ, වන සතුන් ගංඟා හා වායුගෝලය වැනි පොළ ව මතුපිට මෙන් ම අභ්‍යන්තරයේ ඇති සියලූම සම්පත් භූමියට අයත් වේ. · භූමියේ ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය. · ස්වභාවධර්මයේ දායාදයක් වීම · සැපයුම අනම්‍ය වීම · සංචලතාවෙන් යුක්ත නොවීම · ඵලදායිතාව වර්ධනය කළ හැකි වීම · ඒකාකාරී නොවීම ( පිහිටීම, දේශගුණය, ඛනිජ සම්පත්, ජල සම්පත් ) · භූමියට කරන ගෙවීම බදු කුලිය වීම · භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස ශ‍්‍රමය ලෙස හ\ුන්වයි. · ශ‍්‍රමයේ ලක්ෂණ පහත පරිදි වේ. · සජීව සාධකයක් වීම · සංචලනය කළ හැකි වීම · සමජාතීය නොවීම · අධ්‍යාපනය සහ...
1.2 :- භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් වන ආකාරය පෙන්වා දෙයි. මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික ම දෑ අවශ්‍යතා නමින් හැඳින්වේ. නිදසුන් - ආහාර - බත්පාන්ඉඳිආප්ප රොටි -වුවමනා ඇඳුම් – පැලැඳුම් නිවාස · අවශ්‍යතා ඉටු කර ගන්නා විවිධ ස්වරූප වුවමනා නම් වේ. නිදසුන් - · අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමඟ බැඳී පවතින අතර, වුවමනා සම්ප‍්‍රදායයන් සිරිත් විරිත්හා සංස්කෘතීන් ආදිය මත රඳා පවතී. · අවශ්‍යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ. · කාලයත් සමඟ අවශ්‍යතා වෙනස් නොවුණ ද වුවමනා කාලයත් සමඟ වෙනස් වේ. · අවශ්‍යතා පොදු වන අතර වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ද්‍රව්‍යාත්මක (භෞතික) වුවමනා , ද්‍රව්‍යාත්මක නොවන (මානසික) වුවමනා ලෙසින් වුවමනා වර්ග කළ හැකි අතර ආර්ථික විද්‍යාවේ අවධානය යොමු වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන්තෘප්තිමත් කරගත හැකි ද්‍රව්‍යාත්මක වුවමනාවන් කෙරෙහි ය. · මිනිස් වුවමනා සපුරා ගනු ලබන්නේ භාණ්ඩවලිනි. · ධන තෘප්තියක් හෙවත් උපයෝගිතාවක් ලබාදෙන  ඕනෑ ම දෙයක් ආර්ථික විද්‍යාවේ දී භාණ්ඩයක් ලෙසින් හැඳින්වේ. · මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නා භාණ්ඩ 1ආර...