Skip to main content
1.2 :- භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් වන ආකාරය පෙන්වා දෙයි.
මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික ම දෑ අවශ්‍යතා නමින් හැඳින්වේ.
නිදසුන් - ආහාර - බත්පාන්ඉඳිආප්ප රොටි -වුවමනා
ඇඳුම් – පැලැඳුම් නිවාස
· අවශ්‍යතා ඉටු කර ගන්නා විවිධ ස්වරූප වුවමනා නම් වේ.
නිදසුන් -
· අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමඟ බැඳී පවතින අතර, වුවමනා සම්ප‍්‍රදායයන් සිරිත් විරිත්හා සංස්කෘතීන් ආදිය මත රඳා පවතී.
· අවශ්‍යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ.
· කාලයත් සමඟ අවශ්‍යතා වෙනස් නොවුණ ද වුවමනා කාලයත් සමඟ වෙනස් වේ.
· අවශ්‍යතා පොදු වන අතර වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
ද්‍රව්‍යාත්මක (භෞතික) වුවමනා , ද්‍රව්‍යාත්මක නොවන (මානසික) වුවමනා ලෙසින් වුවමනා වර්ග කළ හැකි අතර ආර්ථික විද්‍යාවේ අවධානය යොමු වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන්තෘප්තිමත් කරගත හැකි ද්‍රව්‍යාත්මක වුවමනාවන් කෙරෙහි ය.
· මිනිස් වුවමනා සපුරා ගනු ලබන්නේ භාණ්ඩවලිනි.
· ධන තෘප්තියක් හෙවත් උපයෝගිතාවක් ලබාදෙන  ඕනෑ ම දෙයක් ආර්ථික විද්‍යාවේ දී භාණ්ඩයක් ලෙසින් හැඳින්වේ.
· මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නා භාණ්ඩ
1ආර්ථික නොවන භාණ්ඩ (නොමිල භාණ්ඩ/ පිරිවැය රහිත භාණ්ඩ / ස්වාභාවික භාණ්ඩ)
2ආර්ථික භාණ්ඩ
· ශුන්‍ය මිලක දී අසීමිත සැපයුමක් සහිත භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ.
නිදසුන් :- ස්වභාවධර්මයෙන් ලැබෙන වාතය, ජලය සහ හිරු එළිය
· ආර්ථික නොවන භාණ්ඩවල සම්පත් පිරිවැයක් හා ආවස්ථික පිරිවැයක් නොපවතී.
· සැපයුමෙහි හිඟකමක් දක්නට ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ.
නිදසුන් - පෑන් , පොත් , හාල් , පිටි
· ආර්ථික භාණ්ඩවල සම්පත් පිරිවැයක් හා ආවස්ථික පිරිවැයක් පවතී.
· ආර්ථික භාණ්ඩ මිනිසා මැදිහත් වී සාධක සංයෝග කර නිපදවයි.
· ආර්ථික භාණ්ඩ හිඟ සම්පත් යොදා ගෙන නිපදවනු ලබන බැවින් ඒවාට මිලක් ද පවතින අතර, ආර්ථික භාණ්ඩවල තේරීම පිළිබඳ ප‍්‍රශ්නයක් ද පවතී.
· ආර්ථික භාණ්ඩ කිසි විටෙකත් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් නොවුණ ද ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා පවතී.
නිදසුන් :- - කිමිªම්කරුවකු කිමිඳීමේ දී භාවිත කරන ඔක්සිජන්
රෝගියකුට ලබාදෙන ඔක්සිජන්
සූර්ය බලයෙන් නිපදවන සූර්යකෝෂ
බෝතල් කරන ලද ජලය
· මෙවැනි අවස්ථාවල දී භාවිත වන ඔක්සිජන්, සූර්යාලෝකය ජලය සහ ආර්ථික භාණ්ඩ බවට පත් වන අතර, එසේ වන්නේ සම්පත් පිරිවැයක් හා ආවස්ථික පිරිවැයක් ඒ තුළ පවත්නා බැවිනි.
· මිනිස් වුවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගත හැකි සියලූ ම නිෂ්පාදන සාධක සම්පත් නමින් හැඳින්වේ.
සම්පත් ස්වරූප දෙකකි. එනම්
1 ආර්ථික සම්පත්
2ආර්ථික නොවන සම්පත්
· සමාජයේ අසීමිත වුවමනාවලට සාපේක්ෂ ව සැපයුම සීමා සහිත හෝ හිඟකමක් ඇති හෝසම්පත් ආර්ථික සම්පත් ලෙසින් හැඳින්වේ.
· හිඟකම ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණය වන බැවින් ආර්ථික සම්පත් උපයෝජනයේ දී ආවස්ථික පිරිවැයක් හට ගනී.
නිදසුන් :- භාවිත කරන ඉඩමක් , ඉන්ධන
· ස්වභාවධර්මයෙන් නොමිලේ ලැබෙන හා ආවස්ථික පිරිවැයක් නොදරන සම්පත් මෙන් ම නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි හිඟකමක් රහිත සම්පත් ආර්ථික නොවන සම්පත් වේ.
· නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවධර්මයෙන් ලැබී ඇති සම්පත් ස්වාභාවික සම්පත් ලෙසින් හැඳින්වේ.
නිදසුන් :- හිරු එළිය , වාතය , වැසි ජලය
· ස්වාභාවික සම්පත් වර්ග දෙකකි.
1ප‍්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත්
2ප‍්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත්
· භාවිතයට ගැනීමත් සමඟ විනාශයට පත් වුව ද ප‍්‍රතිජනනය වන සම්පත් ප‍්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් වේ. මෙම සම්පත් නැවත ඇති කළ හැකි ය.
නිදසුන් :- වන සම්පත්, මත්ස්‍ය සම්පත්
3භාවිතයට ගැනීම නිසා ක්‍ෂය වීමට පත් වන නැවත ඇති කළ නොහැකි සම්පත්
ප‍්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් ය.
නිදසුන් :- මිනිරන්, ගෑස්, රත්රන්, යපස්, ගල් අඟුරු
· ප‍්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් වේගයෙන් ක්‍ෂය වෙමින් පවතින බැවින් එම සම්පත්අනාගතයට ඉතිරි නොවිය හැකි ය. මේ නිසා තිරසාර සංවර්ධනය අඩාළ විය හැකි බැවින් ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීම වැදගත් වේ.
· ස්වාභාවික සම්පත් අසීමිත ව භාවිතයට ගැනීම නිසා ගෝලීය වශයෙන් ගැටලූ රැසකට මුහුණ පෑමට සිදු වේ.
නිදසුන් :-
1 වායුගෝලීය උණුසුම ඉහළ යාම
2 ග්ලැසීයර් දිය වීම
3  ඕසෝන් ස්තරය සිදුරු වීම
4 ජලය හිඟයකට මුහුණ පෑමට සිදු වීම
5 ගංවතුර හා නා්‍යයාම් වැනි ස්වාභාවික උපද්‍රව
· මෙම ගැටලූ නිසා ඇති වන අහිතකර ප‍්‍රතිඵලවලින් වැළකීම සඳහා ස්වාභාවික සම්පත් රැක ගැනීම අතිශයින් ම වැදගත් වේ.
--------------------------------------------------------------------------------------------

Comments

Popular posts from this blog

------------------------------------ 1.7 :- විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථික පද්ධති වර්ග කරයි. ආර්ථික පද්ධතියක් ක‍්‍රියාත්මක වන්නේ නීතිරීති, සම්ප‍්‍රදාය, සිරිත් විරිත් යනාදියෙන් සමන්විත ආයතනික ව්‍යූහයක් අනුව ය. · මෙම ආයතනික ව්‍යුහයන්ගේ ස්වරූපයන් මත ආර්ථික පද්ධති අතර වෙනස්කම් දක්නට ලැබේ. · එ අනුව ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක කිහිපයකි. · තීරණ සම්බන්ධීකරණ යාන්ත‍්‍රණය · සම්පත් හිමිකාරිත්වයේ ස්වරූපය · සානුබලවල ස්වභාවය · තීරණ සම්බන්ධීකරණ යන්ත‍්‍රණයේ ස්වරූපය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකි ය. · වෙළෙඳපොළ ආර්ථික පද්ධති · විධානගත ( සැලසුම්ගත) ආර්ථික පද්ධති නිෂ්පාදන සම්පත්වල හිමිකාරිත්වය හා දේපොළ අයිතිවාසිකම්වල ස්වභාවය යන නිර්ණායක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකි ය. · ධනේශ්වර ආර්ථික පද්ධති · සමාජවාදි ආර්ථික පද්ධති · දේපොළ හිමිකාරීත්වය හා අයිතිවාසිකම් අතින් ධනේශ්වර ආර්ථික ක‍්‍රම හා සමාජවාදී ආර්ථික ක‍්‍රම අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. · ධනේශ්වර ආර්ථික පද්ධතියක දේපොළ හිමිකම පෞද්ගලික අංශය සතු වන අතර සමාජවාදී ආර්ථික පද්ධතියක සම්පත් හ...
1.3 - නිෂ්පාදන සාධකවල ලක්ෂණ හඳුනා ගනිමින් නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාව තීරණය කරන සාධක විග‍්‍රහ කරයි. නිෂ්පාදන බිහි කර ගැනීම සඳහා යොදා ගනු ලබන භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. · භූමිය හා ප‍්‍රාග්ධනය දේපළ සම්පත් වශයෙන් ද ශ‍්‍රමය හා ව්‍යවසායකත්වය මානව සම්පත්වශයෙන් ද වර්ග කළ හැකි ය. · ස්වභාවධර්මය දායාද කොට ඇති ඵලදායිතාවෙන් යුක්ත ව නිෂ්පාදනයට යොදවා ගත හැකිස්වාභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. වනාන්තර, ඛනිජ සම්පත්, සාගරය ඇළදොළ, වන සතුන් ගංඟා හා වායුගෝලය වැනි පොළ ව මතුපිට මෙන් ම අභ්‍යන්තරයේ ඇති සියලූම සම්පත් භූමියට අයත් වේ. · භූමියේ ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය. · ස්වභාවධර්මයේ දායාදයක් වීම · සැපයුම අනම්‍ය වීම · සංචලතාවෙන් යුක්ත නොවීම · ඵලදායිතාව වර්ධනය කළ හැකි වීම · ඒකාකාරී නොවීම ( පිහිටීම, දේශගුණය, ඛනිජ සම්පත්, ජල සම්පත් ) · භූමියට කරන ගෙවීම බදු කුලිය වීම · භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස ශ‍්‍රමය ලෙස හ\ුන්වයි. · ශ‍්‍රමයේ ලක්ෂණ පහත පරිදි වේ. · සජීව සාධකයක් වීම · සංචලනය කළ හැකි වීම · සමජාතීය නොවීම · අධ්‍යාපනය සහ...