1 :- ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප‍්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක‍්‍රම තුලනාත්මක ව විග‍්‍රහ කරයි.
---------------------------------------------------------------------------------------------------------
1.1 :- ආර්ථික විද්‍යා විෂය ක්‍ෂේත‍්‍රය පරීක්ෂා කරයි.
විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා අසීමිත මිනිස් වුවමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව යි.”
· මෙම අදහසම තව දුරටත් සංක්ෂිප්ත කර පහත පහත පරිදි දැක්විය හැකි ය.
සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වුවමනාවන් සපුරාගන්නේ කෙසේදැයි හදාරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාව යි.”
ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කමට නිදසුන් කීපයක් පහත පරිදි පෙන්විය හැකි ය.
1රාජ්‍ය පාලනයේ දී වැදගත් වීම
2සාර්ථක පුරවැසියකු ලෙස කටයුතු කිරීමට වැදගත් වීම
3ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම
4ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට කාර්යක්‍ෂම තීරණ ගැනීමේ දී වැදගත් වීම
5ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කිරිමේ දී වැදගත් වීම
6පාසල් ශිෂ්‍යයන්ට තාර්කික ව සිතා තීරණ ගැනීමට වැදගත් වීම
7පුද්ගලයකුට වඩාත් හොඳ රැකියාවක් තෝරා ගැනීමේ දී වැදගත් වීම
· ආර්ථිකය සමන්විත වී ඇති එක් එක් අංශ, ආයතන, පුද්ගලයන් සහ ආර්ථික විචල්‍ය ආදිකුඩා ඒකක වෙන් වෙන් වශයෙන් ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂ්ම ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වේ.
§ මේ අනුව ආර්ථික පද්ධතියක සිටින පාරිභෝගිකයන්, ශ‍්‍රමිකයන්, නිෂ්පාදන ආයතන හා රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකවල ආර්ථික හැසිරීම විග‍්‍රහ කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව තුළින් සි¥ කෙරේ.
· සූක්ෂ්ම ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන ඒකක සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
· යම් භාණ්ඩයක ඉල්ලූම, සැපයුම, මිල තීරණය වීම ආදිය අධ්‍යයනය කිරීම.
· ආයතනයක නිෂ්පාදන ශි‍්‍රතය
· ආයතනයක නිෂ්පාදන පිරිවැය
· එක් එක් භාණ්ඩවල වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වය
· වෙළෙඳපොළේ පාරිභෝගික හැසිරීම
· ව්‍යාපාර ආයතනයක වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වය
· හිඟකම
· ආන්තික පිරිවැය
· විකල්ප අතරින් තේරීම් කිරීම
· සාර්ව ආර්ථික විද්‍යාවෙන් ආර්ථිකයේ සමස්ත ක‍්‍රියාකාරිත්වය අධ්‍යයනය කෙරේ.
· ආර්ථිකයක සමස්ත ක‍්‍රියාකාරිත්වය සිදු වන්නේ එක් එක් අංශ, ආයතන හා පුද්ගලයන් ආදිකුඩා ඒකක සියල්ලේ එකතුවෙනි.
· එහෙයින් ඒ ඒ අංශවල සමස්ත ක‍්‍රියාකාරිත්වයත්, එම ක‍්‍රියාකාරිත්වය තීරණය කරන සාධකත්, එම ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නගින ප‍්‍රශ්නත්, සාර්ව ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයනය කෙරේ.
· සාර්ව ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයන කෙරෙන ඒකක සඳහා නිදසුන් කීපයක් පහත දැක් වේ.
· සමස්ත නිමැවුම් මට්ටම
· සමස්ත ආදායම් මට්ටම
· ආර්ථික උත්පාත හා අවපාත
· උද්ධමනය
· සේවා නියුක්තිය
· විරැකියා මට්ටම
· ආයෝජනය
· ආර්ථික වෘද්ධිය
· ආර්ථික පසු බැසීම
· ගෙවුම් ශේෂය
· විනිමය අනුපාතිකය
· මුදල් සැපයුම
· අපනයන / ආනයන
· ආර්ථික විද්‍යා විෂය යථානුරූපි හා අභිමතානුරූපි යන දෙවර්ගයෙහි ම ප‍්‍රකාශයන්ගෙන්සමන්විත ය.
කුමක් ද, කුමක් වූයේ ද, කුමක් වනු ඇත් ද ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා යොමු වූ සහ ප‍්‍රකාශයේ නිරවද්‍යතාව පරීක්ෂාවට ලක් කළ හැකි ප‍්‍රකාශ යථානුරූපි ප‍්‍රකාශ නම් වේ.
· එනම් යමක පවතින ස්වභාවය, පැවැති ස්වභාවය සහ ඒ ඇසුරෙන් අනාගතයේ නිශ්චිත ව ම සිදු වනුයේ කුමක්දැයි දැක්වෙන ප‍්‍රකාශය.
· එබඳු ප‍්‍රකාශයක නිරවද්‍යතාව සැබෑ ලොව කරුණු ඇසුරින් පරීක්ෂාවට ලක් කොට බැලිය හැකි ය.
· සැබෑ ලොව දත්ත මගින්එම ප‍්‍රකාශය තහවුරු වුවහොත් එය පිළිගැනේ. නැතහොත්ප‍්‍රතික්ෂේප කෙරේ.
· යථානූරූපි ප‍්‍රකාශයන්හි කිසියම් විද්‍යාත්මක බවක්, න්‍යායාත්මක බවක්, දැකිය හැකි ය.
· බොහෝ ආර්ථික න්‍යායන් මගින්පැහැදිලි කෙරෙන්නේද යථානුරූපි ප‍්‍රකාශයන් ය.
· එසේ ම යථානුරූපි ප‍්‍රකාශයන්හි දැඩි ලෙස විෂයානුබද්ධ බවක් ද පවතී.
· යථානූරූපි ප‍්‍රකාශ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
· මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝම සම්බන්ධතාවක් පවතී.
· මිලත් ඉල්ලූම් ප‍්‍රමාණයත් අතර ප‍්‍රතිලෝම සම්බන්ධතාවක් පවතී.
· 2013 වර්ෂයේ ශ‍්‍රි ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 4.4%ක් විය.
· ශ‍්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතිකය 1%කි.
· ආර්ථික හැසිරීම් සහ සංසිද්ධින් පැහැදිලි කිරීමට යථානුරූපි ප‍්‍රකාශ යොදා ගැනේ.
· සමාජය තුළ පැවතිය යුත්තේ කුමක් ද , සිදු විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ව ඉදිරිපත්වී ඇති ප‍්‍රකාශ අභිමතානුරූපි ප‍්‍රකාශය.
· අභිමතානුරූපි ප‍්‍රකාශ පුද්ගල අදහස්, විශ්වාස සහ සාරධර්ම ආදිය මත රඳා පවතින බැවින්මේවා බොහෝ සෙයින් ම පුද්ගලබද්ධ වේ.
· සැබෑ ලොව දත්ත ඇසුරෙන් විෂයබද්ධ ව අභිමතානුරූපි ප‍්‍රකාශවල සත්‍යාසත්‍ය බව පරීක්ෂා කිරීම අපහසුය.
· අභිමතානුරූපි ප‍්‍රකාශ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
· සැම රාජ්‍ය සේවකයකුගේ ම මාසික වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතු ය.
· ශ‍්‍රී ලංකාව සංවර්ධනයට විදේශාධාර ලබාගත යුතු ය.
· සැම පුරවැසියකුට ම නොමිලේ වෛද්‍යාධාර ලබා දිය යුතු ය.
· සැම පුද්ගලයකුට ම සමාන ආදායමක් ලැබිය යුතු ය.
· ශ‍්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධි වේගය 8% මට්ටමේ පවත්වා ගත යුතු ය.
· ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ විග‍්‍රහයන් සඳහා අභිමතානුරූපි ප‍්‍රකාශ වැදගත් වේ.
----------------------------------------------------------------------------------------------------
Comments
Post a Comment