1.9 :-ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප හා නිෂ්පාදන ධාරිතාව වෙනස් වීම් නිෂ්පාදන හැකියා මායිම් වක‍්‍රයක් ඇසුරින් නිරූපණය කරයි.
ආර්ථික විද්‍යාවේ සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්ප සහ සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් වක‍්‍රයක් ඇසුරින් නිරූපණය කළ හැකිය.
· සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්පවලට නිදසුන් කිහිපයක් පහත සඳහන් වේ.
· හිඟකම
· විකල්ප ප‍්‍රයෝජන
· තේරීම
· ආවස්ථික පිරිවැය
· නිෂ්පාදන කාර්යක්ෂමතාව
· සම්පත් බෙදා වෙන් කීරීමේ කාරයක්ෂමතාව
· හිඟකම, විකල්ප ප‍්‍රයෝජන සහ තේරීම යන සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් වක‍්‍රයක් ඇසුරින් පහත පරිදි පෙන්විය හැකි ය.
2 රූපය
ඉහත දක්වා ඇති ප‍්‍රස්තාරයට අනුව (ඒ) ලක්ෂයෙන් පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගය නිපදවීමට ආර්ථිකයේ පවතින සම්පත් ප‍්‍රමාණවත් නොවන බැවින්
(ඒ) ලක්ෂ්‍යයෙන් හිඟකම පෙන්නුම් කරයි.
· ඉහත නිෂ්පාදන හැකියා මායිම තුළ විකල්ප නිමවුම් සංයෝග රාශියක් පවතී. (බී) හා (සී)ලක්‍ෂ්‍යවලින් එම සංයෝග පෙන්වයි.
· ආර්ථිකයක් එම සංයෝග අතරින් එක් සංයෝගයක් තෝරා ගත යුතුවේ. ඉහත නිදසුනට අනුව (බී) හා (සී)සංයෝගයන්ගෙන් එක් සංයෝගයක් තෝරා ගැනීමට සිදු වේ.
· කිසියම් ආර්ථික කටයුත්තකදී හිඟ සම්පත් අතරින් තේරීම් කරන විට ඒ
වෙනුවෙන් අත්හරිනු ලබන ඊළඟ හොඳ ම විකල්ප අවස්ථාව ආවස්ථික පිරිවැය වශයෙන් හඳුන්වනු ලබයි.
3 රූපය
ඉහත නිදසුනට අනුව මෙම ආර්ථිකය (ඒ) භාණ්ඩ සංයෝගය තෝරා ගතහොත් පාරිභෝගික භාණ්ඩ 200 වෙනුවෙන් ආවස්ථික පිරිවැය ප‍්‍රාග්ධන භාණ්ඩ 50ක් වන අතර ප‍්‍රාග්ධන භාණ්ඩ 150 සඳහා ආවස්ථික පිරිවැය පාරිභෝගික භාණ්ඩ 100කි.
· එම ආර්ථිකයේ ් සිට ඊ දක්වා විතැන් වීමට තීරණය කළහොත් ප‍්‍රාග්ධන භාණ්ඩ 180 වෙනුවෙන් ආවස්ථික පිරිවැය පාරිභෝගික භාණ්ඩ ඒකක 100 වන අතර පාරිභෝගික භාණ්ඩ 100 වෙනුවෙන් ආවස්ථික පිරිවැය ප‍්‍රාග්ධන භාණ්ඩ ඒකක 20කි.
· නිෂ්පාදන කාර්යක්ෂමතාව යනු, ආර්ථිකයක සියලූ සම්පත්වලින් වැඩි ම ඵලදායිතාවක් ලබාගත හැකි වීම යි. මෙය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂ්‍යය මගින්පෙන්විය හැකිවේ. මේ සඳහා අවශ්‍ය ප‍්‍රධාන කොන්දේසි 2 වනුයේ, පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනයයි.
· සම්පත් බෙදා වෙන් කීරීමේ කාර්යක්ෂමතාව යනු, ආර්ථිකයේ පවතින සීමිත සම්පත් සමාජවරණයට ගැළැපෙන ආකාරයට බෙදා වෙන් කිරීම වේ. මෙහි දී ඉටුවිය යුතු කොන්දේසිය වනුයේ, ආන්තික ප‍්‍රතිලාභය ආන්තික පිරිවැයට සමාන වීම(එම්සී = එම්බී)වේ.
කිසියම් භාණ්ඩයකින් අතිරේක එකකයක් පරිභොජනය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභය ආන්තික ප‍්‍රතිලාභය යි. එය භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල වේ. එම නිසා ආන්තික ප‍්‍රතිලාභය (එම්බී) මිලට (පී) සමාන වේ. කිසියම් භාණ්ඩයක නිමැවුම එක් එකකයකීන් වැඩි කරනවිට මුලූ පිරිවැයට අලූතෙනි එකතුවන ප‍්‍රමාණය ආන්තික පිරිවැය(එම්සී) වේ.
· මෙම නිසා සම්පත් බෙදා වෙන් කීරීමේ කාර්යක්‍ෂමතාව දී ඉටුවිය යුතු
කොන්දේසිය වනුයේ, (එම්සී = එම්බී = පී)වේ. මෙම කොන්දේසිය ඉටු වන්නේනිෂ්පාදන හැකියා මායිමෙහි එක් ලක්ෂ්‍යයක දී පමණි.
· සම්පත් බෙදා වෙන් කීරීමේ කාර්යක්ෂමතාව හා නිෂ්පාදන කාර්යක්ෂමතාව යන
දෙකෙහි ම එකතුව ආර්ථික කාර්යක්ෂමතාව වේ.
· මෙය පහත ප‍්‍රස්තාර සටහනින් පෙන්නුම් පෙන්නුම් කරයි.
4 රූපය
සාර්ව ආර්ථික විද්‍යා සංකල්පවලට නිදසුන් කිහිපයක් පහත සඳහන් වේ.
· පූර්ණ සේවා නියුක්තිය
· ඌන සම්පත් උපයෝජනය
· ආර්ථික පසුබැසීම
· ආර්ථික අවපාතය
· ආර්ථික වර්ධනය
· වර්තමාන පරිභෝජනය හා අනාගත පරිභෝජනය අතර සම්පත් බෙදා හැරීම
· ආර්ථික බිඳ වැටීම
· ආර්ථිකයක පවත්නා සියලූ ම සම්පත් ඵලදායී ලෙස නිෂ්පාදනය ක‍්‍රියාවලියක
සේවා නියුක්ත කරවීම පූර්ණ සේවා නියුක්තිය ලෙස හඳුන්වයි. පූර්ණ සේවා
නියුක්තිය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්‍ෂයකින් පෙන්නුම් කරයි.
පහත පරිදි පෙන්විය හැකි ය.
5 රූපය
ඉහත ප‍්‍රස්තාර සටහනට අනුව නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි (ඒ) ලක්ෂ්‍යය පූර්ණ සේවා නියුක්තිය පෙන්නුම් කරන අතර (බී) ලක්ෂයෙන් පෙන්නුම් කරනුයේ ඌන සේවා නියුක්ති තත්ත්වයකි. ඌන සේවා නියුක්තිය යනු සම්පත් උපරිම ඵලදායිතාවක් නොලැබෙන ආකාරයෙන් සම්පත් සේවා නියුක්ත කරවීම වේ.
නිදසුන :-උපාධිධාරියෙක් කළමනාකරණ සේවයේ රැකි‍්‍රයාවක නිරත වීම
· ඉහත ප‍්‍රස්තාර සටහනට අනුව (බී) ලක්ෂයෙන් ආර්ථිකයේ සේවා වියුක්ති තත්ත්වය ද පෙන්නුම් කළ හැකි ය.
· ආර්ථික පසුබැසීම යනු භාණ්ඩ හා සේවා සඳහා ආර්ථිකයේ ඉල්ලූම අඩුවීම හේතුවෙන් නිෂ්පාදනය පහළ යාම ආර්ථික පසු බැසීමකි. ආර්ථික පසු බැසීම කෙටි කාලීන තත්ත්වයක් වන අතර පසු බැසීම් තත්ත්වය හේතුවෙන් සේවා වියුක්ති තත්ත්වය ඉහළ යයි. ඉහත ප‍්‍රස්තාර සටහනට අනුව (ඒ) ලක්ෂයේ සිට (බී) ලක්ෂ්‍යය දක්වා මායිම් වක‍්‍රය තුළට ගමන් කිරීමෙන් මෙය පෙන්නුම් කළ හැකි ය.
5 රූපය
ආර්ථික පසුබැසීමක දිගු කාලීන තත්ත්වය ආර්ථික අවපාතයක් වශයෙන්හඳුන්වයි. මෙහි දි සේවා වියුක්ත ව පවතින සම්පත් විනාශ වීමකට භාජනය විය හැකි බැවින් ආර්ථිකයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැසියා මායිම වමට විතැන් වේ. ආර්ථික අවපාතයේ කෙටි කාලීන තත්ත්වයකදී එනම්, සම්පත්විනාශ වීමකට භාජනය වී නොතිබුණහොත් ලක්ෂ්‍යයකින් ද වමට විතැන් විය හැකි ය.
6 රූපය
සම්පත් විනාශවීමකින් තොරවූ ආර්ථික අවපාත තත්ත්වයක් ඉහත පළමුවන ප‍්‍රස්තාර සටහනේ (ඒ) සිට (බී) දක්වා ලක්ෂ්‍යයකින් විතැන් වීම මගින්පෙන්නුම් කරයි.
· ඉහත දෙවන ප‍්‍රස්තාරයෙන් ආර්ථික අවපාත තත්ත්වයක් පෙන්වන අතර එහි දි සම්පත් විනාශ වීමකට ලක්වී ඇති බැවින් වක‍්‍රය වමට විතැන් වේ.
· ආර්ථික වර්ධනය යනු ආර්ථිකයක මූර්ත නිෂ්පාදනය අඛණ්ඩව දිගු කාලයක් ඉහළ යාමය. ආර්ථික වර්ධනයේ දී නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ. මෙය පහත ප‍්‍රස්තාර සටහනින් පෙන්නුම් පෙන්නුම් කරයි.
7 රූපය
තාක්ෂණය දියුණු වීම වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමැවුමේ ඉහළ යාම ආංශික වෘද්ධයකි. එය කිසියම් ආකාරයට අසමතුලිත වෘද්ධයකි. මෙය පහත ප‍්‍රස්තාර සටහනින් පෙන්නුම් පෙන්නුම් කරයි.
8 රූපය
වර්තමානයේ ආර්ථිකය තම හිඟ සම්පත් භාවිත කරන ආකාරය මත, එම ආර්ථිකයට උරුම වන අනාගත සම්පත් සම්භාරය තීරණය වනු ඇත.
වර්තමානයේ දි ඉහළ සම්පත් ප‍්‍රමාණයක් පරිභෝජනය සඳහා කැප කළහොත් අනාගතයේ දී ආර්ථිකයේ වර්තමානයේ ප‍්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය අඩු වනු ඇත. එලෙස ප‍්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් අනාගත නිෂ්පාදන හැකියාව පහළ වැටෙන අතර ආර්ථික වෘද්ධියට එය බාධාවක් වේ.
· මේ අනුව වර්තමානයේ පරිභෝජනය හා අනාගත පරිභෝජනය අතර සම්පත් වෙන් කරන ආකාරය, ආර්ථික වෘද්ධිය තීරණය කරන වැදගත් සාධකයකි.

9 රූපය
ඉහත පළමු වන ප‍්‍රස්තාරයට අනුව එම ආර්ථිකය වැඩි සම්පත් ප‍්‍රමාණයක් පරිභෝජනය සඳහා යොදවා ඇති බැවින් ආර්ථික වෘද්ධි අනුපාතය පහළ අගයක් ගෙන ඇත.
10 රූපය
ඉහත දෙවන ප‍්‍රස්තාරයට අනුව එම ආර්ථිකය පරිභෝජනයට වඩා ඉහළ සම්පත් ප‍්‍රමාණයක්ප‍්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනය සඳහා යොදවා ඇති බැවින් ආර්ථික වෘද්ධි අනුපාතය ඉහළ අගයක් ගෙන ඇත.
· වර්තමාන පරිභෝජනය කැප කිරීමට එතරම් හැකියාවක් නොමැති කිසියම් රටකට විදේශීය රටවලින් ප‍්‍රාග්ධනය තම රටට ගෙන්වා ගත හැකි නම් ( නිදසුන්:- විදේශාධාර, විදේශ ආයෝජන) වර්තමාන පරිභෝජන සීමා නොකොට ආයෝජනය වැඩි කිරීම මගින්වේගවත්ආර්ථික වෘද්ධියක් කරා ළ`ගා විය හැකි ය.
· රටක නිෂ්පාදන ධාරිතාව වෙනස් වීමට බලපාන ප‍්‍රධාන සාධක දෙකකි.
· සම්පත් සම්භාරය වෙනස් වීම
· ඵලදායිතාව වෙනස් වීම
· ආර්ථිකයේ සම්පත් සම්භාරය හා තාක්ෂණයේ වෙනස් වීම හේතුවෙන් එම ආර්ථිකයේනිෂ්පාදන ධාරිතාව නැතහොත් නිෂ්පාදන හැකියාව වෙනස් වේ.
· ආර්ථිකයක සම්පත් සම්භාරය වෙනස් වීම ආකාර දෙකකින් සිදු විය හැකි ය. එනම් සම්පත්සම්භාරය වැඩි වීම හා අඩු වීම යි.
· සම්පත් සම්භාරය වැඩි වීම හේතුවෙන් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වී නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ. නිදසුන්:- නව සම්පත් සොයා ගැනීම, සම්පත් සඳහා නව හිමිකාරිත්වයක් ලැබීම, විදේශ රටවලින් සම්පත් ගලා ඒම, නව තාක්ෂණ ක‍්‍රම මගින්සම්පත්
ප‍්‍රමාණය වැඩි කර ගැනීම, විදේශ ණය හා ආධාර හා ආයෝජන ඉහළ යාම.
· මෙය පහත ප‍්‍රස්තාර සටහනින් පෙන්නුම් කළ හැකි ය.
11 රූපය
ආර්ථිකයක සම්පත් සම්භාරය අඩු වීම මගින් නිෂ්පාදන හැකියාව අඩු වන අතර නිෂ්පාදන හැකියා මායිම වමට විතැන් වේ.
නිදසුන්:- යුද්ධ කටයුතු හේතුවෙන් සම්පත් විනාශ වීම, ස්වාභාවික විපත්, සුනාමි, ගං වතුර උවදුරු, නාය යෑම් ආදිය, විදේශ ආයෝජන අඩුවීම
මෙය පහත ප‍්‍රස්තාර සටහනින් පෙන්නුම් කළ හැකි ය.
12 රූපය
ආර්ථිකයක සම්පත්වල ඵලදායිතාවය ඉහළ යාම මගින්එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ ගොස් නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ.
නිදසුන්:- තාක්ෂණික දියුණුව, නව ශිල්ප ක‍්‍රම , රජය ම`ගින් ශ‍්‍රමිකයන් පුහුණු කිරීම.
· ඵලදායිතාව වැඩි වීම එක් අංශයක පමණක් සිදු වුවහොත් නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වනුයේ එම අක්ෂයෙන් පමණි.

13 රූපය
ඉහත ප‍්‍රස්තාර දෙවන සටහනට අනුව ඵලදායිතාව වැඩි වී ඇත්තේ ප‍්‍රාග්ධන භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් බැවින් එම අක්ෂයෙන් පමණක් වක‍්‍රය දකුණට විතැන් වේ.
· ආර්ථිකයක සම්පත්වල ඵලදායිතාව අඩු වීම මගින්එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව පහළ ගොස් නිෂ්පාදන හැකියා මායිම වමට විතැන් වේ.
නිදසුන්:- පුහුණු ශ‍්‍රමිකයන් රටින් බැහැර වීම, පැරණි ශිල්ප ක‍්‍රම භාවිතය
· මෙය පහත ප‍්‍රස්තාර සටහනින් කළ හැකි ය.
14 රූපය
ඉහත දෙවන ප‍්‍රස්තාරයට අනුව කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඵලදායිතාව අඩුවීම හේතුවෙන් කාර්මික භාණ්ඩ අක්ෂයෙන් පමණක් වමට විතැන් වේ.

Comments
Post a Comment