1.5 :- සම්පත් බෙදා වෙන් කිරීම හා නිමවුම බෙදා හැරීම පිළිබඳ තීරණ ගන්නා ආකාරය විග‍්‍රහ කරයි.
සම්පත්වල පවත්නා හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප‍්‍රයෝජන නිසා හැම
සමාජයකට මූලික තේරීම් තුනක් කිරීම ට සිදු වේ.
· එම තේරීම් තුන ඕනෑ ම සමාජයකට පොදු ය.
· ආර්ථික විද්‍යාවේ දී මූලික ආර්ථික ප‍්‍රශ්න ලෙසින් හඳුන්වන්නේ එම තේරීම් ය.
· ඒ අනුව මූලික ආර්ථික ප‍්‍රශ්න වන්නේ,
1 කුමක් / කොපමණ නිෂ්පාදනය කළ යුතු ද?
2 කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?
3 කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?
· සම්පත්වල හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප‍්‍රයෝජන තිබීම නිසා කවර
සමාජයකට වුවද කුමක් / කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ.
නිදසුන් :- හිඟ සම්පත් උපයෝගී කරගෙන,
රෝහල් හදනවාද පාසල් හදනවා ද?
කර්මාන්තශාලා හදනවා ද?
ක‍්‍රීඩා පිටි හදනවා ද?
පාරිභෝගික භාණ්ඩ නිපදවනවා ද?
ප‍්‍රාග්ධන භාණ්ඩ නිපදවනවා ද?
වශයෙන් නිපදවන භාණ්ඩය තිරණය කිරීමට සිදු වේ.
· එසේ ම නිපදවීමට තීරණය කළ භාණ්ඩය කොපමණ ප‍්‍රමාණයකින් නිපදවිය යුතු ද යන්නත් තීරණය කළ යුතු ය.
නිදසුන්:- රෝහල් කොපමණ ප‍්‍රමාණයක් ද?
කර්මාන්තශාලා කොපමණ ප‍්‍රමාණයක් ද?
ප‍්‍රාග්ධන භාණ්ඩ කොපමණ ද?
· මෙලෙසින් කුමන භාණ්ඩයක් කොපමණ ප‍්‍රමාණයකින් නිපදවන්නේ ද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීම කළ යුතු වේ.
· එසේ ම සම්පත්වලින් කොපමණ ප‍්‍රමාණයක් වර්තමාන පරිභෝජනයට යොදා ගන්නවා ද, කොපමණ ප‍්‍රමාණයක් අනාගත පරිභෝජනයට යොදා ගන්නවා ද / බෙදා හරිනවා ද යන්න තීරණය කළ යුතු වේ.
· කුමක් / කොපමණ නිපදවනවා ද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන්කිරීමක් සිදු වන නිසා කුමක් කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප‍්‍රශ්නය සම්පත් බෙදා වෙන් කිරීමේ ප‍්‍රශ්නය ලෙසින් ද හැඳින්විය හැකි ය.
· සම්පත් හිඟකම හා හිඟ සම්පත්වල විකල්ප ප‍්‍රයෝජන පැවතීම නිසා කවර සමාජයකට වුවද පොදුවේ කෙසේ නිෂ්පාදනය කළ යුතු ද? යන ප‍්‍රශ්නයට ද මුහුණ දීමට සිදු වේ.
· කෙසේ නිපදවනවා ද යන මූලික ආර්ථික ප‍්‍රශ්නයෙන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා කුමන නිෂ්පාදන ශිල්ප ක‍්‍රමයක,් කුමන තාක්ෂණයක් භාවිතාකළ යුතු ද යන්නයි. එනම් භාණ්ඩ නිපදවීමට කවර සම්පත්, කවර අනුපාතයකට භාවිත කළ යුතු ද යන්න තීරණය කළ යුතු වේ.
· භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ශ‍්‍රම සූක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය සහ ප‍්‍රාග්ධන සූක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය ලෙස විකල්ප නිෂ්පාදන ශිල්ප ක‍්‍රම දෙකක්භාවිතා කළ හැකි ය.
· ශ‍්‍රමය වැඩියෙන් හා ඊට සාපේක්ෂ ව ප‍්‍රාග්ධනය අඩුවෙන් යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය ශ‍්‍රම සූක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය වන අතර ප‍්‍රාග්ධනය වැඩියෙන් හා ඊට සාපේක්ෂව ශ‍්‍රමය අඩුවෙන් යොදා ගන්නා යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය ප‍්‍රාග්ධන සූක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක‍්‍රමය ලෙස හැඳින්වේ.
· විකල්ප නිෂ්පාදන ශිල්ප ක‍්‍රම අතරින් කුමන හෝ එක් නිෂ්පාදන ශිල්ප ක‍්‍රමයක් භාවිතා කොට නිපදවීමක් සිදුවන නිසා කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන මූලික ආර්ථික ප‍්‍රශ්නය නිෂ්පාදනය පිළිබඳ ප‍්‍රශ්නය ලෙසින් ද හැඳින්වේ.
· කා සඳහා නිපදවනවා ද යන්නෙන් අදහස් වන්නේ සමාජයේ සමස්ත නිෂ්පාදිතය කවුරුන් අතර බෙදී යනවා ද යන්න යි.
· එනම් හිඟ සම්පත් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන සීමිත භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය සමාජයේ කවුරුන් විසින් හිමි කර ගනු ලැබේ ද? භුක්ති විඳිනු ලැබේ ද? යන්න මෙයින් අදහස් වේ.
· නිපදවන භාණ්ඩ භුක්ති විදීමේ හැකියාව රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයන් ලබන ආදායම මත ය.
· සාධක හිමියෝ වැටුප් , බදු කුලී , පොළී හා ලාභ වශයෙන් ආදායම් උපයති.
· ඒ ඒ පුද්ගලයන් ලබන ආදායම වැඩි හෝ අඩු හෝ වන්නේ සාධක හිමිකාරත්වය සහ සාධක මිල පදනම් කරගෙන ය.
· සාධක ආදායම් වැඩියෙන් ලබන අයට නිපදවන භාණ්ඩවලින් වැඩි ප‍්‍රමාණයක් භුක්ති විඳීමට හැකියාව ලැබෙන අතර සාධක ආදායම අඩුවෙන් ලැබෙන අයට හැකි වන්නේඅඩු භාණ්ඩ ප‍්‍රමාණයක් භුක්ති විදීමට ය.
· මෙලෙසින් නිපදවන භාණ්ඩ ප‍්‍රමාණය භුක්ති විඳීම ඒ ඒ පුද්ගලයින්ගේ ආදායම මත තීරණය වන නිසා කා සඳහා නිපදවිය යුතු ද යන්න ආදායම් බෙදී යාම පිළිබඳ ප‍්‍රශ්නය ලෙසින් ද හැඳින්වේ.
---------------------------------------------------------------------------------------------

Comments
Post a Comment